brand logo

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සිදුවීම - CIDයෙන් සහ පොලීසියෙන් විමර්ශන

28 November 2019

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් බලහත්කාරයෙන් රඳවා ගෙන ප්‍රශ්න කළ බව කියන චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත. ඒ ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ (27) අදාළ සිද්ධිය පිළිබඳ කඩිනම් හා සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වන්නැයි ලක් රජයෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙසය. තානාපති කාර්යාලයේ තොරතුරු හෙළි කරන ලෙස නාඳුනන පිරිසක් සිය සේවකයාට තර්ජනය කර ඇති බව ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය එම නිවේදනයෙන් පෙන්වා දී තිබුණු අතර එය, සිය රාජ්‍ය තාන්ත්‍රික නියෝජනයට සහ එහි සේවකයින්ට එල්ල කළ බරපතළ හා පිළිගත නොහැකි ප්‍රහාරයක් ලෙස ස්විට්සර්ලන්තය සළකන බව ද අදාළ නිවේදනයේ සඳහන්ව ඇති අතර සිය තානාපති කාර්යාල නිලධාරීන්ගේ ආරක්ෂාව සහතික කරන්නැයි ද ඔවුන් එම නිවේදනයෙන් ඉල්ලීමක් කර ඇති අතර වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවනු ඇතැයි සිය අපේක්ෂාව බව ද එහි සඳහන්ව ඇත.
 

More News..