brand logo

ස්ලින්ගා තවත් සුපිරි වාර්තාවක් අභියස

22 March 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු දෙවන පන්දුවාර විස්ස තරඟය අද පැවැත්වීමට නියමිතව තිබේ. මෙම තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංගට විශේෂ තරඟයක් වනු නොඅනුමානය. ඊට හේතුව පන්දුවාර විස්ස තරඟවල වැඩිම කඩුළු දවාගත් පන්දු යවන්නා බවට පත්වීමේ අවස්ථාවය. මාලිංග මේ වන විට ජාත්‍යන්තර පන්දුවාර විස්ස තරඟවල වැඩිම කඩුළු දවාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයේ රැදී සිටියි. ඒ කඩුළු 96ක් දවාගනිමින්ය. කඩුළු 98ක් දවාගත් පාකිස්ථාන ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩී ප්‍රථම ස්ථානයේ සිටියි. මෙහි තවත් විශේෂත්වයක් නම් මෙතෙක් පන්දුවාර විස්ස ජාත්‍යන්තර තරගවල කඩුළු 100ක් දවාගත් පන්දු යවන්නෙකු නොවන අතර, එම වාර්තාවට ද හිමිකම් කීමට මාලිංගට අවස්ථාව මේ වන විට උදාවී තිබේ.
 

More News..