brand logo

ස්මිත්ට එරෙහි වූවන්ට කෝලිගෙන් සංඥාවක්

10 June 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඊයේ (09) ඕවල්හි පැවැති තරගයේදී ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ ක්‍රියාවකට ඉන්දීය නායක විරාත් කෝලි එරෙහි වී තිබේ. හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටිය ඔස්ට්‍රේලියා හිටපු නායක ස්ටීවන් ස්මිත්ට ඉන්දීය ප්‍රේක්ෂකයන් විරෝධය පළ කර ඇත. ඒ ස්ටීවන් ස්මිත් පන්දුව පළුඳු කිරීමේ චෝදනාවට වැරදිකරු වීම හේතුවෙනි. ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ මෙම ක්‍රියාවට විරාට් කෝලි විරෝධය දැක්වූ අතර එහිදී ඔහු ඉන්දීය ප්‍රේක්ෂකයන්ට සංඥාවෙන් සදහන් කලේ ස්ටීවන් ස්මිත්ට අත්පොළසන් දී සහයෝගය පළ කළ යුතු බවයි. ඉන්දීය නායකයාගේ මෙම ක්‍රියාව බොහෝ දෙනෙකුගේ ප්‍රසාදයට පාත්‍ර විය. https://youtu.be/Bg1H-zvqPg0
 

More News..