brand logo

ස්පා සහ කාමර පොකුරු මතුවීමේ අවදානමක්

17 December 2020

නීතිවිරෝධී අන්දමින් ස්පා ආයතන පවත්වාගෙන යාම හා තාවකාලික කාමර සේවාවන් සැපයීම හේතුවෙන් ඉදිරියේදී ස්පා පොකුරු හා කාමර පොකුරු මතුවීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසීය. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරයකින් තොරව මේ වනවිට කුඩා කණ්ඩායම් සඳහා උපකාරක පන්ති පැවැත්වීම, රූපලාවණ්‍යාගාර පවත්වාගෙන යාම හා ප්‍රියසම්භාෂණ පැවැත්වීම වැනි කටයුතු ඇතැම් පුද්ගලයන් විසින් එම ආයතනවල දොරගුලු දමා රහසේ සිදු කරන බවට අනාවරණය වී ඇතැයි ඒ මහතා කීවේය. තවද සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විවාහ මංගල්‍යය සඳහා සීමිත පිරිසකගේ සහභාගිත්වයට අවසර දී තිබුණද ඇතැම් පුද්ගලයන් අනුමත කර තිබෙන සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් රැස්කරන බවද හෙතෙම පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරයකින් තොරව ඇතැම් පුද්ගලයන් විසින් සිදු කරන මෙවැනි කටයුතු සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක නොකළහොත් ඉදිරියේදී බරපතළ තත්ත්වයන් රට තුළ නිර්මාණය විය හැකි යැයි බාලසූරිය මහතා අවධාරණය කළේය. ශ්‍රියානි විජේසිංහ
 

More News..