brand logo

ස්ථිර ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් වන තුරු බලාගෙන ඉන්නවා - ඇමති වී.රාධාක්‍රිෂ්නන්

31 August 2019

ස්ථිර ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් වන තුරු ඉවසීමෙන් යුතුව බලන් ඉන්නා බව ඇමති වී.රාධාක්‍රිෂ්නන් පවසයි. අද (31) හැටන් නගරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකිදී අමාත්‍යවරයා මෙලෙස සදහන් කර සිටියේය... ස්ථිර අපේක්ෂකයෙක් පත් කරාම තීරණය කරනවා කාටද සහයෝගය දෙන්නේ කියලා .එතකල් කදුරට ජනත පෙරමුණ බලාගෙන ඉන්නවා. මේ වෙලාව වෙනකල් ස්ථිර ජනාධිපති අපේක්ෂකයෙක් පත් කරලා නෑ. ජනතා විමුක්ති පෙරමුණ විතරයී අනුර කුමාර දිසානායක මහතාව නම් කරලා තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂකයා ලෙස පත්කරලා තිබුනට පොදුජන පෙරමුණ හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එකතුවෙන්න සාකච්චා කරනවා. එයාල එකතුවුනොත් කවුද ඉදිරිපත්වෙන්නේ කියලා සාකච්චාවක් තියෙනවා. ඒ වගේම එතුමගේ ප්‍රශ්ණ තියෙනවා. නඩු පටන් ගන්නවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය තාම අපේක්ෂකයා පත් කරලා නෑ. ඒනිසා ස්ථිර අපේක්ෂකයා කවුද කියලා බලලා කදුරට ජනතා පෙරමුණ සහයෝගය දෙන එක ගැන තීරණය කරනවා.ඒ නිසා තවත් අපි බලාගෙන ඉන්නවා. ඒ වගේම එස්.බි දිසානායක හා ඩිලාන් පෙරේරා මහත්වරු පොදුජන පෙරමුණට ගියාට ශ්‍රිලනිපය ට එච්චර පාඩවක් වෙන්නෑ. මොකද ඒ දෙන්නා විපක්ෂයට සහයෝගය දෙන විදියට තමයී කටයුතු කලේ. ඉදිරියටත් ඒ වගේම කටයුතු කරයී. හැටන් - චන්දන ජයවීර
 

More News..