brand logo

ස්ථාන කිහිපයකදී ඇන්ටිජන් පරීක්ෂණ සිදුකෙරේ

03 January 2021

  බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන කිහිපයකදී කරන ලද ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ තුලින් මේ වන විට කොවිඩ් ආසාදිත පුද්ගලයින් 102ක් හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා. එසේම තවදුරටත් ඉදිරියේදී ස්ථාන කිහිපයක ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට තීරණය කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර ඇත. මේ දක්වා ඇන්ටිජන් පරීක්ෂණ 13,029ක් පමණ මෙරටදී සිදුකර තිබෙන අතර ඊයේ (02) දිනයේදීත් ආසාදිතයින් 05 දෙනෙක් හඳුනාගනු ලැබුවා.
 

More News..