brand logo

ස්ත්‍රී සනීපාරක්ෂක නිෂ්පාදන නොමිලේ දෙන ප්‍රථම රට මෙන්න

25 November 2020

ආර්තව දුගීභාවය (period poverty) නිමාකොට ස්ත්‍රී සනීපාරක්ෂක නිෂ්පාදන නොමිලයේ ලබා දෙන ප්‍රථම රට බවට ස්කොට්ලන්තය පත්ව තිබේ. කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන නොමිලේ ලබා දීම සම්බන්ධයෙන් 23 වන දා ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ පනතට එම පාර්ලිමේන්තුවේ ඒකමතික අනුමැතිය හිමි වී ඇත. 2016 වර්ෂයේ සිට ආර්තව දුගීභාවය තුරන් කිරීම වෙනුවෙන් සටන් කළ තැනැත්තියක් වන ස්කොට්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන මොනිකා ලෙනන් මහත්මිය විසින් කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන නොමිලේ ලබා දීම සම්බන්ධයෙන් වන පනත ගෙන එන ලදි. අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන්ට ගුණාත්මක බැවින් යුත් සනීපාරක්ෂක නිෂ්පාදන මිලදී ගැනීමේ හැකියාවක් නොමැති වීම ආර්තව දුගීභාවය යන්නෙන් අදහස් වන අතර 2017 වසරේදී අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන් සඳහා සනීපාරක්ෂක තුවා මාස 6 ක කාලයක් නොමිලයේ ලබාදීමේ ව්‍යාපෘතියක් ස්කොට්ලන්තය විසින් සාර්ථකව නිම කළේය. එතැන් සිට වසර 4 ක් පුරා ගෙන ගිය ප්‍රයත්නයේ ජයග්‍රහණය, සනීපාරක්ෂක නිෂ්පාදන නොමිලයේ ලබා දීම සම්බන්ධයෙන් වන පනත සම්මත වීමෙන් ඔවුන් ලබාගත්හ. කෙන්යාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, මැලේසියාව, කාම්බෝජියාව, ජැමෙයිකාව, නයිජීරියාව, උගන්ඩාව සහ නිකරගුවා වැනි රටවලද කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා පනවා ඇති බදු අවම කිරීමට හෝ ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
 

More News..