brand logo

ස්ටීව් රික්සන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු තනතුරට

08 December 2018

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ස්ටීව් රික්සන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සදහන් කළේ දෙසැම්බර් 24 වන දින සිට ස්ටීව් රික්සන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම හා සම්බන්ධවනු ඇති බවයි. ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත නවසීලන්ත ක්‍රිකට් සංචාරයේදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඔහු සිය පුහුණුව ලබාදීමට නියමිතව තිබෙනවා.
 

More News..