brand logo

ස්කොට්ලන්තය පරදවමින් ශ්‍රී ලංකාවට ලකුණු 35ක ජයක්

22 May 2019

ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 35කින් ජයග්‍රහණය කර තිබේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ස්කොට්ලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනය කර සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 322ක් රැස්කර ගැනීමට සමත් විය. එහිදී නායක දිමුත් කරුණාරත්න පන්දු 88කදී ලකුණු 77ක් රැස්කර ගත් අතර අවිශ්ක ප්‍රනාන්දු පන්දු 78කදී ලකුණු 74ක් ලබාගත්තේය. අවිශ්කගේ එම ලකුණු සංඛ්‍යාවට දැවැන්ත හයේ පහර 3ක් ද ඇතුළත් වේ. ඊට අමතරව කුසල් මෙන්ඩිස් ලකුණු 66ක් සහ ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 44ක් ලබාගැනීමට සමත්විය. වර්ෂාවෙන් බාධා පැමිණීමත් සමග තරගය පන්දුවාර 34කට සීමා වූ අතර, ස්කොට්ලන්ත කණ්ඩායමට හිමි වූයේ ලකුණු 235ක අභියෝගයක් පමණීයි. ඒ අනුව පිටියට පැමිණි ස්කොට්ලන්ත කණ්ඩායම පන්දුවාර 33යි පන්දු 2කදී සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 199ක් පමණීයි. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නුවන් ප්‍රදීප් කඩුළු 4ක් දවාගත් අතර, සුරංග ලක්මාල් කඩුළු දෙකක් දවා ගැනීමට සමත් විය. මෙම තරගයේ වීරයා බවට පත්වූයේ කඩුළු 4ක් දවාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ය.
 

More News..