brand logo

සහල් වෙළෙඳුන්ට විශේෂ දැනුම්දීමක්

23 June 2022

වෙළෙදුන් 479කට නඩු

වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් 186ක් සහ මිල ප්‍රදර්ශනය නොකර සහල් අලෙවි කිරීම, සහල් විකිණීම ප්‍රතික්ෂේප කිරීමට අදාළ වෙළෙඳුන් 479 දෙනෙකුට නඩු පැවරීමට නියමිත බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය පෙන්වා දෙන්නේ ඔවුන් අත්අඩංගුවට ගෙන මේ වනවිට ඇප මත මුදාහැර ඇති බවයි. එමෙන්ම එම වැරදි සම්බන්ධයෙන් නඩු පවරා වැරදිකරුවන් වූ 22කට රුපියල් මිලියන 3.2ක පමණ දඩ මුදල් අදාළ අධිකරණ මගින් නියම කර ඇති බවද පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි. ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය තොග හා සිල්ලර වෙළෙඳුන්ට දැනුම්දෙන්නේ උපරීම සිල්ලර මිලට අනුකූලව සහල් අලෙවි කළහැකි පරිදි සහල් මිලදී ගැනීම හා අලෙවි කිරීම සිදුකරන ලෙසයි.
 

More News..