brand logo

සහල් මෝල් හිමියන්ගේ හිතුවක්කාර තීන්දු මත සිල්ලර වෙළෙඳුන් අපහසුතාවට

16 June 2019

සහල් අලෙවිය සඳහා පාලන මිලක් නියම කර තිබියදී සහල් නිෂ්පාදනය කරන මහා පරිමාණ ව්‍යාපාරිකයින් පාලන මිල ඉක්මවා වෙළෙඳසල්වලට තොග බෙදා හැරීම නිසා සිල්ලර වෙළෙඳසල් හිමියන් දැඩි අපහසුතාවට පත්ව ඇත. ස්ප්‍රින් හා බොයිල් නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 82කටත්, සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 87කටත් අලෙවි කිරීමට නියම කර තිබියදී වෙළෙන්දෝ නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 95ටත් සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 105 අතර මිලකට අලෙවි කරති. මහා පරිමාණ මෝල් හිමියන් අනතුරු අඟවා ඇත්තේ සිය සහල්, පාරිභෝගික අධිකාරිය මගින් වැටලීම් කළ හොත් සිය නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් නොකරන බවයි. මේ සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් අංශයේ නියෝජ්‍ය අධිකාරී අසේල බණ්ඩාරගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ දැනට වැඩි මිලට සහල් අලෙවි කරන ස්ථාන 105ක පමණ වැටලීම් කර ඇතැයිද ලබන සතියේ සිට ප්‍රධාන සහල් මෝල්ද වටලා නිෂ්පාදන කරන සහල්වල ප්‍රදර්ශනය කරන මිල ගණන් සම්බන්ධයෙන් සොයා බලන බවයි.
 

More News..