brand logo

සහරාන් හෂීම්ගේ DNA වාර්තාව අනිද්දා

19 May 2019

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායකයා බව පැවසෙන සහරාන් හෂීම්ගේ ඩී.එන්.ඒ වාර්තාව අනිද්දා නිකුත් කිරීමට නියමිතව ඇත. ඒ සම්බන්ධ පරීක්ෂණ කටයුතු මේ වනවිට බොහෝ දුරට අවසන් කර ඇති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සදහන් කළ අතර එම ප්‍රහාරවලට සම්බන්ධ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායකයා බව පැවසෙන සහරාන් හෂීම්ගේ ඩී.එන්.ඒ වාර්තාව ලබා ගැනීම සදහා ඔහුගේ බිරිදගේ සහ දියණියගේ රුධිර සාම්පල පසුගිය සිකුරාදා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ලැබී තිඇත. එම තොරතුරු ඇතුළත් සම්පූර්ණ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීමට නියමිතව ඇත.
 

More News..