brand logo

සහරාන් හෂීම්ගේ සහෝදරිය ඇතුළු තිදෙනෙක් අධිකරණය හමුවට

04 July 2019

සහරාන් හෂීම්ගේ සහෝදරිය ඇතුළු තිදෙනෙක් ඊයේ (04) කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි. අප වාර්තාකරු සදහන් කළේ මඩකළපුව බන්ධනාගාරයේ සිට මෙම දැඩි ආරක්ෂක රැකවල් මැද කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ බවයි. ඉන් අනතුරුව රහස් කාමරයක් තුළ මොවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ. මෙලෙස ප්‍රකාශය ලබාගෙන තිබෙන්නේ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ සහෝදරිය වන මදනියා සහ ඇයගේ ස්වාමි පුරුෂයා වන මොහොමඩ් නියාස් සහ සයින්දමර්දු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂය පත්වූ එම්.එම් නියාස්ගේ බිරිඳ වන අස්මියාගෙන් ය. මෙම පිරිස යළි අගෝස්තු 21 වන දින කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
 

More News..