brand logo

සහරාන් සමග සබඳතා පැවැත්වූ 5ක් ඩුබායි සිට මෙරටට රැගෙන එයි

21 January 2020

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූ සහරාන්ගේ කණ්ඩායම සමග සබඳතා පැවැත් වූ ඩුබායි පොලිසිය මගින් අල්ලා රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් පස් දෙනකු ඩුබායි වෙත ගිය පොලිස් කණ්ඩායමක් මෙරටට රැගෙන විත් ඇත මේ වන විට රඳවා ගැනීමේ නියෝග මත සැකකරුවන් පස්දෙනා රහස් පොලිසිය භාරයේ රඳවාගෙන තිබේ. ඩුබායි පොලිසිය කළ දැනුම්දීමක් මත ඉකුත් 19 දා රහස් පොලිස් කණ්ඩායමක් ඩුබායි වෙත ගොස් එරට බලධාරීන් භාරයේ සිටි මෙම කණ්ඩායම මෙරටට ගෙනැවිත් ඇත. මෙම සැකකරුවන් වසර ගණනාවක් ඩුබායි රාජ්‍යයේ රැඳී සිටිමින් අන්තවාදී කණ්ඩායම් සමග සබඳතා පැවැත්වූ බවට හෙළි වූ කරුණු මත එරට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..