brand logo

සහරාන් කල්ලියේ රුපියල් කෝටි 134ක නව බැංකු ගිණුම් එළියට

09 August 2019

ජාතික තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්ගේ ආධාරකරුවන් සතුව තිබූ රුපියල් කෝටි 134 කට ආසන්න මුදලක් බැර කර තිබූ නව බැංකු ගිණුම් කීපයක් සොයා ගැනීමට හැකිවී තිබේ. අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමෙන් අනතුරුව එම මුදල් අත්හිටුවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත් බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර පැවසීය. ඉකුත් මාස දෙකක කාලය තුළදී සොයාගත් රුපියල් බිලියනයක පමණ වාහන, රන්භාණ්ඩ, නිවාස සහ දේපොළ රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇතැයිද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කීවේය. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව කරන ලද විමර්ශනවලදී එම සංවිධානයට සම්බන්ධ සහ විවිධාකාරයෙන් උදව් කළ කාන්තාවන් ඇතුළු සැකකරුවන් 63 දෙනෙක් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා පැවසීය.
 

More News..