brand logo

සහරාන් කල්ලියේ කෙනෙක් බන්ධනාගාරයේදී මියයයි

16 December 2019

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන සිටි මොහමඩ් සහරාන්ගේ අන්තවාදී කල්ලියේ කාත්තන්කුඩි සාමාජිකයකු කොළඹ බන්ධනාගාර රෝහලේදී මරණයට පත්වී ඇත. ජෙයිනුලාබ්දින් මහම්දේ පේසිල් (18) නමැති කාත්තන්කුඩි මුහම්මද් පටුමගේ පදිංචිකරුවකු මෙසේ මියගොස් ඇත. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ මොහු හා සොහොයුරා අත්අඩංගුවට ගෙන රඳවා තබා ඇත්තේ මොවුන් සහරාන් සමග සිටි දැඩි මතදාරීන් බවට අනාවරණය වීම නිසාය. ඉන්පසුව පසුගිය සතියේ 09වැනිදා සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ පසුව රිමාන්ඩ් භාරයට පත්කර කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිට ඇත. ඉකුත් 12වැනිදා අසනීප තතත්ත්වයෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇත. බොරැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය යටතේ ඇරඹී විමර්ශනවලින් පසුව මහෙස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇත. පෙරේදා (14 වැනිදා) පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී මොළයට විෂබීජයක් අතුළුවීම නිසා මෙම මරණය සිදුවී ඇතැයි අධිකරණ වෛද්‍ය නිලධාරියා දෙමාපියන්ට දැනුම් දී ඇත. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..