brand logo

සහරාන්ට ඉන්දියාවට යන්න මම උදව් කළේ නෑ - රිෆ්කාන් බදියුද්දීන්

24 June 2020

තමන් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සැලසුම් කළ සහරාන් හෂීම්ට 2018 වර්ෂයේදී ඉන්දියාවට පලායෑමට උපකාර කර ඇතැයි යනුවෙන් පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්න්ගේ සොහොයුරා වන උතුරු පළාත් සභා මන්ත්‍රී රිෆ්කාන් බදියුද්දීන් ප්‍රකාශ කරයි. හිටපු පළාත් මන්ත්‍රීවරයා මේ බව පවසා ඇත්තේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ එහි සාමාජිකයන් වෙත ඊයේ 23 ලිපියක් යොමු කරමිනි. ඔහු පවසන්නේ කොමිෂන් සභාව හමුවේ පසුගියදා තොරතුරු අනාවරණය කළ හිටපු බුද්ධි අංශ අධ්‍යක්ෂවරයකු විසින් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රිෆ්කාන් බදියුදීන් නමැත්තකු රඳවා තබාගෙන සිටින බවටත් ඔහු සහරාන් හෂීම්ට පලායෑමට උපකාර කර ඇති බවටත් සාක්ෂි ලබාදී ඇති බවයි. එම සාක්ෂිය පදනම් කරගනිමින් පුවත් වාර්තා පළවී ඇතත් එම වාර්තාවන්ද මුළුමනින්ම අසත්‍ය බව රිෆ්ඛාන් බදියුද්දීන් ප්‍රකාශ කරයි. නයන තරංග ගමගේ/ උදයජීව ඒකනායක
 

More News..