brand logo

සහරාන්ට අයත් පල්ලි ඉදිකළ සැකකරු අත්අඩංගුවට

02 June 2019

මොහොමඩ් සහරාන්ට අයත් පල්ලි ඉදිකළ ඉංජිනේරුවරයෙකු දෙහිවල, කඩුවාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ලද තොරතුරක් මත කළ විමර්ශනවලින් පසු සැකකරු අත්අඩංගුවට ගත් බවයි. මෙම ඉංජිනේරුවරයා හොරොව්පතාන ඇල්ලවැව ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙම දේවස්ථාන ඉදිකර තිබේ. කැනඩාවේ පුරවැසිභාවය ද හිමි මෙම සැකකරු මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ මුල් පදිංචිකරුවෙකි. අනතුරුව ඔහු විවාහ වීමෙන් පසු දෙහිවල කවුඩාන ප්‍රදේශයට පැමිණ තිබේ. දේවස්ථාන ඉදිකිරීමට මුදල් ද ලබා දී ඇත්තේ ද 53 හැවිරිදි අදාළ සැකකරු විසිනි. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් පැය 72 ක් රඳවා තබා ප්‍රශ්න කරන බව පොලීසිය පැවසීය.
 

More News..