brand logo

සහරන් සමඟ සබඳතා පැවැත්වූ සැකකරුවෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට

13 June 2019

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සහ අයි.එස්. සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ සැකකරුවෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇත. සෝදිසි මෙහෙයුමක් අතරතුරදී මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු මොහොමඩ් අසරුදීන් නැමති 32 හැවිරිදි අයෙක් වෙයි. අත්අඩංගුවට ගත් එම පුද්ගලයා තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිම්බතූර් හි සංචාරක සමාගමක හිමිකරුවෙක් බව සඳහන් වෙයි. ඔහු සහරාන් හෂීම් සමඟ මුහුණු පොත ඔස්සේ සබඳතා පවත්වා ඇති බවත්, ඔහු සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ අන්තවාදී අදහස් හුවමාරු කරගෙන ඇති බවත් ඉන්දියා ටුඩේ පුවත් වෙබ් අඩවිය වාර්තා කර ඇති අතර සැකකරු සතුව තිබී ජංගම දුරකථන 14 ක්, සිම්පත් 29 ක්, පෙන් ඩ‍්‍රයිව් 10ක්, ලැප්ටොප් 3 ක්, දත්ත රඳවන 6ක්, ඩොන්ගල් එකක් සහ සී.ඩී හා ඩී .වී.ඩී . තැටි 13 ක් ඉන්දීය ජාතික විමර්ශන ඒකකය භාරයට ගෙන ඇත.
 

More News..