brand logo

සහතිකයක් ලැබෙනතුරු ගුවන්තොටුපොළ විවෘත කරන්නේ නෑ

16 September 2020

කොවිඩ් 19 වසංගතය පාලනය කළ බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහතිකයක් ලැබෙනතුරු ගුවන් තොටුපළ විවෘත කළ නොහැකි බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි. ආණ්ඩුව කොවිඩ් 19 වසංගතය පාලනය කර තිබුණ ද ජනතාවට කිසිදු අවධානමක් ගැනීමට ඉඩ දිය නොහැකි අතර ගුවන් විවෘත කිරීම සදහා සියල්ල සුදානම් බවත් සෞඛ්‍ය අංශ නිර්දේශ ඊට අත්‍යවශ්‍යය බවත් ඇමතිවරයා දැඩි ලෙස අවධාරණය කළේය. ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. අපිට රට තුළ සිටින ජනතාව අනතුරේ දාන්න බෑ. ඒ වගේම විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නොගෙන්වා ඉන්නත් බෑ. අපි මේ සියල්ල මනා පාලනයකින් යුතුවයි කරගෙන යන්නේ. කිසිම හේතුවක් නිසා කොවිඩ් 19 වසංගතයට රටට ඇතුළුවීමට ඉඩ දෙන්න බෑ. යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
 

More News..