brand logo

සවුත් ඒෂියා ටෙක්ස්ටයිල් සේවිකාවකට කොරෝනා

12 October 2020

දොම්පේ පූගොඩ ප්‍රදේශයේ පිහිටි සවුත් ඒෂියා ටෙක්ස්ටයිල් ආයතනයේ සේවිකාවකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. පසුගියදා එම ආයතනයේ සේවක සේවිකාවන් 50 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකෙරුණු අතර එම වාර්තා මඟින් ඇය ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන ඇත. එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පසුගිය 8 වන දින සිට එම ආයතනයේ මෙහෙයුම් තාවකාලිකව නවතා දැමු බවය. වෛරසය ආසාදිත කාන්තාව කිරිඳිවැල පල්ලේගම ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. "දොම්පේ සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසයෙන් එක් කොරෝනා රෝගියෙක් පීසීආර් පරීක්ෂණ අනුව තහවුරු වෙලා තියෙනවා. එම කාන්තාව සේවය කරන්නේ දොම්පේ පූගොඩ කර්මාන්ත ශාලාවක. මේ වන විට සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරීනියගේ ප්‍රධානත්වයෙන් සියලූම මහජන පරීක්ෂකවරු රෝග ආශ්‍රිතයින් සොයා නිරෝධායන කටයුතුවල නියැලෙනවා. ඊයේ රාත්‍රී 12ට පමණ අදාළ රෝගියාව මුල්ලේරියාව රෝහල බලා පිටත් කර යැව්වා."යනුවෙන් දොම්පේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්.ඒ.බණ්ඩාරනායක මහතා පවසා ඇත.
 

More News..