brand logo

සවර්ණවාහිනීයේ නිවේදකයන් ඇතුළු 18 දෙනෙකුගේ වැඩ තහනම්

19 March 2019

සවර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් පසු ගියදා එහි සේවකයින් වෘත්තීය සමිතියක් පිහිටුවා ඇත. පාලන අධිකාරිය වෙනස් වීම, ගුණාත්මක වැඩසටහන් නොමැති වීම, වැටුප් වැඩි නොකිරීම වැනි හේතුන් මත ඊයේ (18) දින 250ක පමණ සේවකයින් පිරිසක් වෘත්තිය සමිති රැස්වීමක් පවත්වා ඇති අතර ඒයට සහභාගී වූ ප්‍රවෘත්ති නිවේදකයන් ඇතුළු 18 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව මුදිත විජේසුන්දර, නදීක කරුණානායක ,ප්‍රසන්න සමරසේකර ,තිලිණි පෙරේරා ,නුවන් ජයවික්‍රම ,ජෝසප් බැසිල් රෝයි ,වසන්ත සිංහපුර ,රෝහණ විමලසිරි ,චන්දන සෙනෙවිරත්න ,අරුණ වාසුන්දර,ලලිත් වීරතුංග ,සුරාජ් ගමගේ ,අරුණ ඩයස් ,සම්පත් තිලකවික්‍රම ,නයන උජිත් යන සේවකයින්ගේ වැඩ තහනම් කොට ඇත. ඔවුන් අවුරුදු 10කට වැඩි කාලයක් ස්වර්ණවාහිනී ආයතනයේ සේවය කළ පුද්ගලයින් වන බව ආරංචි මාර්ග සඳහන් කරයි. එම ආරංචි මාර්ග වලට අනුව එම ආයතනය අලුතින් මිලදී ගත් දමිළ පාලනඅධිකාරිය විසින් සේවකයන් පාලනය කරගැනීමට එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා කටයුතු කිරීමට එරෙහිව මොවුන් මෙලෙස පෙළගැසී ඇති බවට වාර්තා වෙයි. දේශීය ඉල්ලුම්කරුවන් නොසලකා හරිමින් ස්වර්ණවාහිනී ආයතනය විදෙස් සමාගමකට විකුණා දැමීම සම්බන්ධයෙන් සමාජයේ විශාල කතාබහක් පවතින අතර වර්තමාන රජයේ දේශපාලනඥයකු සහ හිටපු දේශපාලන නායිකාවක මෙම ගනුදෙනුව හරහා ඩොලර් මිලියන ගණනක අල්ලසක් ලබා ඇති බවට චෝදනා නැගී තිබුණි. ජනාධිපතිවරයා ද වරක් පවසා තිබුණේ මෙම ගනුදෙනුව අන්ත දූෂිත එකක් බවය. එවන් පසුබිමක සේවක සේවිකාවන් මෙම වෘත්තිය ආරම්භ ඇත්තේ ආයතනය තුළ පවතින ගැටලුවලට විසැඳුම් ලබාගැනීමට සහ ඉදිරියේ දී ඇති විය හැකි අවදානම් සහගත තත්වයන්වල දී එකට එක්ව කටයුතු කිරීම සඳහාය. සේවය තහනම් කර ඇති පිරිස පොලීසියට පැමිණිල්ලක් ගොනු කර ඇති අතර ඔවුන් කම්කරු කොමසාරිස් කාර්යාලය සමග සාකච්ඡාවකටද එක්ව ඇත.
 

More News..