brand logo

සලකුණ තෝරන තරගයෙන් අනුරට ‘මාලිමාව’

08 October 2019

ජාතික ජනබල ව්‍යාපාරයෙන් ජනාධිපතිවරණයට තරග කරන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ‘මාලිමාව’ ලකුණින් තරග වැදීමට නියමිතය. සංවිධානවලින් ඉදිරිපත් වන කණ්ඩායමට මැතිවරණ කොමිෂන් සභාව ලබාදෙන ලකුණුවලින් තමන් කැමැති ලකුණ තෝරා ගැනීමට හැකිය. එහිදී අනුර කුමාර දිසානායක හා ස්වාධීනව තරග කරන සමන්සිරි හේරත් ද මාලිමාව තෝරාගෙන තිබේ. අවසානයේ කුසපත් ඇදීමෙන් පසු මාලිමාව සලකුණ අනුර කුමාර දිසානායකට හිමිව ඇත.
 

More News..