brand logo

සර් මම නම් ෆේස්බුක් දැම්මේ නැහැ - මහින්දානන්ද

16 May 2019

විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පසුගිය බදාදා (14) විජේරාමයේදී එක් වුනේ මහින්ද රාජපක්ෂ විපක්ෂනායකයාගේ ප්‍රධානත්වයෙනි. රිෂාද් බදුර්දීන් ඇමතිවරයාට එරෙහිව කථානායකවරයාට භාර දීමට නියමිත විශ්වාසභංග යෝජනාව සමිබන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ විය. " අද මම ඔයගොල්ලන්ට එන්න කිව්වේ මේ රිෂෘද් බදුර්දීන් ඇමතිවරයාට විරුද්ධව විශ්වාස භංග යෝජනාව ගැන කථා කරන්න" මහින්ද කීවේය. " සර් මම කතෝලික.. මගේ ප්‍රදේශයේ මිනිස්සු හුග දෙනෙක් මේ බෝම්බ ප්‍රහරයෙන් මියගියා. ඒත් මට කව්වේ නෑ අත්සන් කරන්න. ඊයේ මහින්දානන්ද මන්ත්‍රීතුමා මට කථා කරලා කිව්වා පාර්ලිමේන්තුවට එන්න කියලා. මේ විශ්වාසභංගයයට අත්සන් කරන්න. ඊට පස්සේ අද ගෘප් එනේදී තීරණයක් ගන්නවා කිව්වා. දැන් මේක ෆේස්බුක් එකෙත් දාලා අපිට අත්සන් කරන්න නොදී. එතකොට අපේ මිනිස්සු අහනවා ඇයි මේකට අත්සන් නොකලේ කියලා." ලන්සා කීවේය. " මේවගේ වැඩ කරන්න එපා. මේහෙම උනාම අපේම මන්ත්‍රීවරු අපහසුතාවයකට පත්වෙනවා. මොනවද මේ කරන වැඩ.." මහින්ද ඇහුවේය. " සර් මේක මට මන්ත්‍රීවරුන්ට කියලා අත්සන් කරන්න කිව්වේ ඩලස් මන්ත්‍රීතුමා. මම නම් ෆේස්බුක් දැම්මේ නැහැ"මහින්දානන්ද පැහැදිලි කළේය. " හරි හරි අපි එක තීන්දුවකටයි වැඩ කරන්න ඕනෑ... ඒක අපි හැමෝම තේරුම් ගන්න ඕනෑ.." මහින්ද කීවේය. දැන් බලන්න ඊයේ පක්ෂ නායක රැස්වීමෙදි අපි තීරණය කළා අද ගෘප් එකේදී මේ ගැන තීන්දුවක් ගන්න. හැබැයි. කවුරුහරි වැරදි ප්‍රචාරයක් යවලා මමයි බැසිලුයි මේකට විරුද්ධයි කියලා.එහෙම මොනවත් අපි කිව්වෙත් නෑ." මහින්ද පැහැදිලි කලේය. මේක හරිනම් ගේන්න ඔනේ ආණ්ඩුවට විරුද්ධවයි. මේක දැන් මුළු රටම බලාගෙන ඉන්නේ. හැබැයි. එක මිනිහෙක්ගෙ පිටින් දාලා ආණ්ඩුව මේකෙන් ගැලවෙන්න ඉඩ තියෙනවා." චමල් කීවේය " ඒක ඇත්ත. ඒත් මේ විශ්වාස භංගය දැන් ගෙන ආ යුතුමයි." නාමල්ද කීවේය. ඒ අනුව විශ්වාසභංගය කඩිනමින් කථානායකවරායට භාර දීමට මෙහිදී තීරණය කෙරිණි.
 

More News..