brand logo

Update - විසඳුමක් නැතිවම සර්ව පාක්ෂික හමුව අවසන් වෙයි

18 November 2018

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද පස්වරුවේ පැවැති සර්ව පාක්ෂික හමුව එකඟතාවකින් තොරව අවසන්වූ බවට ‌තොරතුරු වාර්තා වනවා. පාර්ලිමේන්තුව තුළ සහ රට තුළ මේ වන වට හටගෙන තිබෙන දේශපාලන අර්බුදය විසදා ගැනීම සදහා ගැනීමේ අරමුණින් මෙම හමුව පැවැත් වුණේ. ආණ්ඩු පක්ෂය වෙනුවෙන් මෙම හමුවට සහභාගි වූ දේශපාලඥයින් කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධූරයට පත්කිරීම නීත්‍යනුකූල බවත් අගමැති මහින්දට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව නීත්‍යනුකූල නොවන බවයි. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පිළිගත නොහැකි බව විපක්ෂය වෙනුවෙන් සහභාගී වූ පක්ෂ නායකයින් කියා සිටියා. ________________________________________________________________________________

සර්ව පාක්ෂික රැස්වීම අවසන්

සර්ව පාක්ෂික රැස්වීම අවසන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වු සර්ව පාක්ෂික රැස්වීම මේ වන විට අවසන් වි ඇත. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ අනෙකුත් පක්ෂ නායකයින්ගෙ සහභාගිත්වයෙත් එම රැස්වීම පැවැත්වුණු අතර මාධ්‍ය වතෙ අදහස් දැක්වු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් .පී. පෙරේරා මහතා පැවසුවේ එක්සත් ජාතික පෙරමුණට 113ක බහුතරය තිබේන බවත් අවශ්‍ය නම් එය දිව්රුම් පෙත්සම් මගින් හෙට (19) උදැසනට ජනාදිපතිවරයාට පෙන්විය හැකි බවත්ය. ________________________________________________________________________________ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට සර්ව පාක්ෂික රැස්වීම ආරම්භ වී ඇත. එම රැස්වීම ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන අතර ඒ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා පක්ෂ නායකයින් සහ නියෝජිතයින් සහභාගි වී ඇති බවට තොරතුරු අනාවරණය වේ. කෙසේ වෙතත් මෙම සර්ව පාක්ෂික රැස්වීම පැමිණිම කථානායක කරු ජසූරිය මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කර තිබුණා.
 

More News..