brand logo

සරසවි යන්න අයැදුම්පත් අනූදාහක්

05 June 2020

නව අධ්‍යයන වර්ෂය (2019/2020) සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයැදුම්පත් අනූදහසකට අධික ප්‍රමාණයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලැබී ඇත. ඉදිරිපත් කළ අයැදුම්පත්වල යම් සංශෝධනයක් කරන්නේ නම් ඒ සඳහා ලබන මස දෙවැනිදා (02 වැනිදා) දක්වා අයැදුම්කරුවන්ට කල් ලබා දෙන බව ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන කරයි. අයැදුම්පත් ඉදිරිපත් කළ ආකාරයෙන්ම එය සංශෝධනය කළ හැක්කේ ද මාර්ග ගත ක්‍රමයෙන් පමණක් බවත් එම කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි. නිලන්ත මදුරාවල
 

More News..