සරසවි ප්‍රවේශ ක්‍රමවේදයට විරුද්ධව සිසුන්ගෙන් නඩු
04 August 2020
සරසවි ප්‍රවේශ ක්‍රමවේදයට විරුද්ධව සිසුන්ගෙන් නඩු
04 August 2020
විශ්වවිද්‍යාලවලට මෙවර සිසුන් ඇතුළත් කර ගන්නා ක්‍රමවේදයට අදාළව සිසුන් පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට එරෙහිව නඩු පවරා තිබේ. නව විෂය නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් මෙලෙස නඩු පවරා තිබේ.
මෙම සිසුන් නඩු පවරා ඇත්තේ උපරිම සිසුන් සංඛ්‍යාවක් නව නිර්දේශයෙන් ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලමිනි. මේ අතර විශ්වවිද්‍යාල ප්රවේශයේ දී තමන්ට ද සාධාරණ අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් පැරැණි නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් ද නඩු පැවරීමට තීරණය කර ඇත.
පසුගිය වසරේ උසස් පෙළ විභාගය නව හා පැරැණි වශයෙන් විෂයය නිර්දේශ දෙකක් යටතේ පැවැත්වීම මෙම ගැටලු සහගත තත්ත්වයට හේතු වී තිබේ. විෂයය නිර්දේශ දෙක යටතේ පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන ප්‍රතිශතයන් පිළිබඳ පූර්ව දැනුවත් කිරීමක් කරන ලෙස වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් මීට පෙර ඉල්ලා සිටිය ද එම ප්‍රතිශතයන් කවරේ ද යන්න මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත.
ඒ වෙනුවට කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කළේ විෂය නිර්දේශ දෙකෙන්ම උපරිම ශිෂ්‍ය සංඛ්‍යාවක් ඇතුළත් කර ගැනීමට පියවර ගන්නා බවය. සංඛ්‍යාත්මක වශයෙන් පෙර වසරට වඩා හත්දහසක පමණ පිරිසක් මෙවර වැඩියෙන් ඇතුළත් කර ගන්නා බවත් සභාපතිවරයා ප්‍රකාශ කර තිබිණි.
මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා නව හා පැරැණි නිර්දේශ යටතේ අනූ දහසකට අධික පිරිසක් අයැදුම් කර තිබේ.
ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනට ගෙන ඇති තීරණයට අනුව තිස් අට දහසකට ආසන්න පිරිසකට විශ්වවිද්‍යාල ප්‍රවේශ වරම් හිමි වන අතර අධිකරණ තීන්දුව මත එම සංඛ්‍යා වෙනස් විය හැකි යැයි කොමිෂන් සභාව පවසයි.
විෂය නිර්දේශ දෙක යටතේ ඉකුත් 2011 වසරේ පැවැති උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්ථාව ලබා දෙන ශිෂ්‍ය ප්‍රතිශතයන් තීරණය කළේ අධිකරණ තීන්දුවකට අනුවය.
නිලන්ත මදුරාවල