brand logo

සරසවි කඩයිම් ලකුණු නිකුත් කෙරේ

26 October 2020

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කඩයිම් ලකුණු මේ වන විට නිකුත් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. එම කඩඉම් ලකුණු ප්‍රතිපාදන කොමිසමේ නිල වෙබ් අඩවියට නිකුත් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කරයි. ඒ අනුව කඩයිම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ www.ugc.ac.lk යන වෙබ් අඩවියට පිවිස ලබා ගත හැක. මෙම වසරේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 41,000ක් පමණ ඇතුළත් කර ගැනීමට සැළසුම් කර තිබෙන බවත් වෛද්‍ය සිසුන් පමණක් 371ක් වැඩිපුර ඇතුළත් කර ගැනීමට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි. 2019 උසස් පෙළ විභාගය සදහා අයදුම්කරුවන් තුන් ලක්ෂ 37, 704 දෙනෙකු පෙනී සිටි අතර නව විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයින් එක්ලක්ෂ 98,229ක් සහ පැරණි විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයන් එක්ලක්ෂ 39,475 දෙනෙකු විභාගයට පෙනී සිටියහ.
 

More News..