brand logo

සරසවි කඩඉම් ලකුණු ඉදිරි දෙසතියේ නිකුත් කෙරේ

30 September 2020

විශ්වවිද්‍යාලවලට තෝරා ගන්නා සිසුන්ගේ කඩඉම් ලකුණු ඉදිරි දෙසතිය තුළ ප්‍රකාශයට පත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සදහන් කරයි. සියලු විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ගේ සහභාගිත්වයෙන් ඊට පෙර ලබන සතියේ සාකච්ජාවක් පැවැත්වෙන බව එහි උපසභාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කරයි. මෙවර විශ්ව විද්‍යාලට බඳවා ගැනිමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 40,000ක් පමණ වන අතර එය ගිය වසරට සාපේක්ෂව 10,000ක වැඩි විමක් බවද උපසභාපතිනිය වැඩිදුරටත් පැවසීය. විශ්ව විද්‍යාලවලට බදවා ගැනිමට අදාළව ප්‍රවිණතා විභාග 36ක ප්‍රතිඵලද මේ වන විට නිකුත් කර අවසන් අතර 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත සිසුන් බඳවා ගැනීමට නියමිතයි.
 

More News..