brand logo

සරසවි අවසන් වසර විභාග මෙම මාසයේ

12 June 2020

සියලුම විශ්වවිද්‍යාලවල අවසන් වසරේ විභාග කටයුතු මෙම මස ඇතුළත ආරම්භ කිරීම කෙරෙහි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇත. මේ පිළිබඳ අවසන් තීරණය අද (12 වැනිදා) ගැනීමට නියමිතය. විශ්වවිද්‍යාල විවෘත කිරීම සම්බන්ධයෙන් සියලුම උපකුලපතිවරුන් ඊයේ (11 වැනිදා) කොළඹට කැඳවා සාකච්ඡා කෙරුණු අතර එහිදී උපකුලපතිවරුන්ට දැනුම් දී ඇත්තේ විශ්වවිද්‍යාලවල සිව්වැනි වසරේ සිටින සිසුන් සංඛ්‍යාව සහ පවතින නේවාසිකාගාර පහසුකම් පිළිබඳ වාර්තාවක් අද (12 වැනිදා) ලබාදෙන ලෙසය. එම වාර්තාව අනුව විභාග ආරම්භ කිරීම පිළිබඳ අවසන් තීරණය ගැනීමට නියමිතය. සියලු ක්‍රියාමාර්ග ගැනෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ උපදෙස් මත යැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. නිලන්ත මදුරාවල
 

More News..