brand logo

සරත් එන්. සිල්වාට එරෙහි පෙත්සම් විභාගයෙන් විනිසුරු සිසිර ද ආබෲ ඉවත්වෙයි

28 June 2019

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල සලකා බැලීමේ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙන් ඉවත්වීමට විනිසුරු සිසිර ද ආබෲ මහතා තීරණය කර ඇත. ඒ අනුව මෙම පැමිණිල්ල සලකා බැලීම සැප්තැම්බර් මස 30 වනදා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. මෙම පැමිණිල්ල අද සලකා බැලීම සදහා සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සහභාගි වී සිටියේය.
 

More News..