brand logo

සරත් එන්.සිල්වාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

14 December 2018

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ඇතුළු තුන් දෙනෙකු අද මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත. එහි වගඋත්තරකරු ලෙස හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන් සිල්වා මහතා නම් කර ඇති අතර පෙත්සම්කරුවන් කියා සිටියේ ඉකුත් 03වනදා ජාතික එකමුතුව මඟින් මරදාන ප්‍රදේශයේ පැවැත්වූ රැස්වීමකදී අදහස් පළ කළ හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන් සිල්වා මහතා අධිකරණයට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති බවත් හිටපු අගවිනිසුරුවරයාගේ මෙම ක්‍රියාකලාපය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන මෙන්ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
 

More News..