brand logo

සයින්දමරුදු ප්‍රදේශයේ බෝම්බ ප්‍රවාහනය කළ තවත් වෑන් රථයක් සොයාගැනේ

30 April 2019

කල්මුනේ සයින්දමරුදු ප්‍රදේශයේ දී පුපුරුවා හැරුණු බෝම්බ සහ පුද්ගලයින් ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන 250 - 5680 අංක දරණ වෑන් රථය මරදන්කඩවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. වෑන් රථය සමග සැකකරුවෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. අත්අඩංගුවට පත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ ආගමික පූජකවරයකු ගේ ඉල්ලීමක් මත එම පිරිස වෑන් රථයෙන් කල්මුණේ ප්‍රදේශයට රැගෙන ගිය බවය. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මරදන්කඩවල ඉහල පුලියන්කුලම පදිංචි අබුසාලි නසාර් නමැති අයෙකි. පොලීසිය පැවසුවේ සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඉහළ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් අනුව සැකකරු සහ වෑන් රථ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිත බවය.
 

More News..