brand logo

සයිටම් සිසුන් ගැන තොරතුරු නැහැ

22 December 2018

සයිටම් ආයතනයේ ඉගෙනුම ලැබූ වෛද්‍ය සිසුන් සම්බන්ධ කිසිදු තොරතුරක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සතුව නොමැති බව වාර්තා වේ. 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ අදාළ ආයතන දෙකෙන් කළ ලිඛිත ඉල්ලීමට ප්‍රතිචාර ලෙස සඳහන් කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් වූ තොරතුරු අමාත්‍යාංශය සතුව හෝ කොමිෂන් සභාව සතුව නොමැති බවයි. සයිටම් ආයතනයේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ ජීව විද්‍යා විෂය ධාරාව යටතේ බඳවා ගත් සිසුන් සංඛ්‍යාව, අතරින් ජීව විද්‍යා විෂය ධාරාවෙන් ‘සී’ සාමාර්ථ 2ක් සහ ‘එස්’ සාමාර්ථයක් හෝ ඊට වැඩි සුදුසුකම් ලැබූ සිසුන් කොපමණ යන්න ගැන කළ විමසීමේදී මේ බව සඳහන් කර තිබේ. ඊට අමතරව ජීව විද්‍යා විෂය ධාරාවේ ‘එස්’ සාමාර්ථ 3ක් හෝ ඊට අඩු සුදුසුකමක් ලබා ඇති සිසුන්ද, ජීවවිද්‍යා විෂය ධාරා විෂයය හදාරා නොමැති සිසුන් ද ජීව විද්‍යා විෂය ධාරාවන් හැර වෙනත් විෂය ධාරා හදාරා ඇති සිසුන් ද සම්බන්ධ තොරතුරුද කිසිවක් නොමැති බවද සඳහන් කර තිබේ.
 

More News..