brand logo

සයිටම් වෛද්‍ය සිසුන්ගේ ලියාපදිංචිය ස්ථීරයි

21 September 2018

අභියාචනාධිකරණය දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථිර කරයි මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරී සිසුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙස 2017 වසරේ අභියාචනාධිකරණය මගින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට දුන් තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාධිකරණය දුන් තීන්දුව අද 21වැනිදා ස්ථිර කළේය. විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන් අතර තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා වෛද්‍ය පනතේ 29 (2) වගන්තිය යටතේ සයිටම් ආයතනයේ පෙත්සම්කාර වෛද්‍ය සිසුවියට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීම සඳහා හිමිකම් පවතින බවයි. අභියාචනාධිකරණය දුන් නියෝගය නීත්‍යානුකූල බව සඳහන් කළ ප්‍රසන්න ජයවර්ධන විනිසුරුවරයා අභියාචනාධිකරණ නියෝග ප්‍රකාරව අදාළ සිසුවිය ලියාපදිංචි කිරීම පමා කිරීම තුළින් සිදු වූ අගතිය වෙනුවෙන් ඇයට  රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන මෙන් ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියම කළේය. මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් තමන්ව සීමාවාසික පුහුණුව සඳහා ලියාපදිංචි කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් ප්‍රතික්ෂේප කර ඇති බවට චෝදනා කරමින් එම වෙද විදුහලේ සිසුවියක් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.
 

More News..