brand logo

සමුගැනීම සහ 73 අතර සම්බන්ධය රයිනා පහදයි

20 August 2020

ඉන්දියාවට නිදහස ලැබී වසර 73ක් සපිරුණු දිනයේදී සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍රසිං දෝණි සමගින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට සිදුවීම සුවිශේෂී කාරණයක් බව ඉන්දීය ක්‍රීඩක සුරේෂ් රයිනා පවසයි. එම දිනයෙහි තවත් සුවිශේෂීත්වයක් ඇති බැව් පවසන රයිනා කියා ඇත්තේ අදාළ 73 යන සංඛ්‍යාව දෝනිගේ සහ තමන්ගේ ජර්සි අංක එක් කළ විට ලැබෙන බවයි. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේදී දෝනිගේ ජර්සි අංකය 7 වන අතර රයිනාගේ ජර්සි අංකය 3 වේ. මොවුන් දෙදෙනාම ඉකුත් 15 වැනිදා රාත්‍රියේ සමුගන්නා ලදී. එහිදී පළමුවෙන්ම ඉන්දීය හිටපු නායක මහේන්ද්‍රසිං දෝණි එදින රාත්‍රී 7.29 ට ක්‍රිකට් දිවියෙන් සමු ගන්නා බව ප්‍රකාශකළ අතර ඉන් විනාඩි කිහිපයක් ගත වීමට පසුව රයිනා එදින රාත්‍රී 8.06 ට සිය සමුගැන්ම නිවේදනය කරන ලදී. 39 වියේ පසු වූ දෝනි මේ වසරේ සමුගන්නා බවට ප්‍රේක්ෂකයාගේ යම් බලාපොරොත්තුවක් තිබූ නමුත් 33 හැවිරිදි රයිනාගේ සමුගැන්ම ඉන්දීය ප්‍රේක්ෂකයින්ට විමතිය දනවන කාරණයක් වූ බවට ඉන්දීය මාධ්‍ය වාර්තාකර සිටී. කෙසේ නමුත් ලබන සැප්තැම්බර් මාසයේ 19 වැනිදා ඩුබායිහිදී ආරම්භ වීමට නියමිත අයි.පී.එල්. තරගාවලියේදී මොවුන් දෙදෙනාම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතය.
 

More News..