brand logo

වෛරී ප්‍රකාශ දැමු පුද්ගලයාගේ ගිණුමෙන් මිලියන 62ක් සංසරණය වෙලා

18 January 2021

  ෆේස්බුක් හරහා ජාතින් අතර නොසන්සුන්තව ඇතිවන අයුරින් වෛරී ප්‍රකාශ නිකුත් කළේයයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති ෆසාල් මොහොමඩ් නිසාර් නැමැති ව්‍යාපාරිකයාව වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා අද (18) බන්ධනාගාර අධිකාරීවරයාට නියම කර ඇත. මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කලේ සැකකරුගේ සැකකරුගේ බැංකු ගිණුම් හරහා සැකකටයුතු ලෙස විශාල මුදලක් සංසරණය වී ඇති බවයි. මේ නිසා දින 90ක කාලයක් පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයා විසින් රැඳවුම් නියෝගයක් නිකුත්කර ඇති බව සඳහන් කර ඇත. එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කෙරිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම සැකකරුගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමේ දී ඒ හරහා පසුගිය කාලයේ රුපියල් ලක්ෂ 625 කට අධික මුදලක් සැකකටයුතු ලෙස සංසරණය වී තිබෙන බව අනාවරණය වී ඇති බවය. පැහැදිලි ආදායම් මාර්ගයක් පෙනෙන්නට නොමැති මෙම සැකකරු ගෙවල් කුලී වශයෙන් මාසිකව රුපියල් 80,000/- ක්ද කුලී පදනම වශයෙන් ලබාගත් වාහනය සඳහා මාසිකව රුපියල් 50,000ක මුදලක් ද කුලියට ලබාගත් වෙළෙඳසැලක් සඳහා මාසිකව රුපියල් 125,000ක මුදලක් ද ගෙවන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයා විසින් රැඳවුම් නියෝගයක් නිකුත්කර තිබෙන බවත් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
 

More News..