brand logo

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ජනතාව මුලා කරන වංචාකරුවන් ගැන දැනුම් දීමක්

13 October 2019

දිවයිනේ සංවිධානාත්මක වංචාකරුවන් පිරිසක් විසින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හා අන්තර්ජාලය හරහා මහජනතාව රවටා මුදල් වංචා කිරීම සම්බන්ධව තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේ සමාජ ජාලා ඔස්සේ කාලයක් ඇසුරු කර හිතවත් වීම මගින් විශ්වාසයක් ගොඩනගා ගැනීමට කටයුතු කරන මුවාවෙන් මෙම වංචාවන් සිදුකරන බවයි. ඉන් අනතුරුව විවිධ රටවල ලොතරැයි දිනුම් ඇදීම් හෝ ත්‍යාග ජයගහ්‍රණය කර ඇති බව, රාජ්‍ය නොවන සංවිධාන විසින් තෝරා ගත් පිරිසකට ද්‍රව්‍යමය හා මුදල් ආධාර ලබාදීම, විදේශ කාන්තාවන් බව හගවමින් ඔවුන් සතු විශාල මුදල ලංකාවේ ආයෝජනය කිරීමට සහාය ඉල්ලා සිටීම, ඉහළ වටිනාකමක් ඇති භාණ්ඩ ඔබේ නමින් රේගුව වෙත යොමු කර ඇති බව යනාදි වශයෙන් පවසමින් වංචාකරුවන්ගේ ගිණුම් වලට මුදල් ලබාගෙන වංචා කිරීම් සිදුකන බවට තොරතුරු වාර්තා වී ඇති බව පොලීසිය පවසයි. මෙවැනි සිදුවීමක් පසුගිය සැප්තැම්බර් මස 05 වන දින නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෆේස්බුක් ඔස්සේ හිතවත් වී ගුවන්තොටුපළ රේගුවෙන් භාණ්ඩ නිදහස් කර ගැනීම සදහා රුපියල් 270,000ක් තැන්පත් කර ගෙන තිබේ. මුදල් හෝ ත්‍යාග ලබා ගැනීම සදහා මුදල් තැන්පත් කිරීම වගකිව යුතු ආයතනයකින් විමසීමකින් තොරව සිදු නොකරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
 

More News..