brand logo

සමාජ මාධ්‍ය කැලඹූ' දරුවාට පහරදුන් සැකකාර මව අත්අඩංගුවට

02 March 2021

  යාපනය, මණියම්තෝට්ටම් ප්‍රදේශයේ මාස 8ක බිළිඳෙකුට වේවැලකින් කෘර ලෙස පහර දෙන වීඩියෝවක් සම්බන්ධයෙන් එම පහරදුන් කාන්තාව මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. එම පහරදීම සම්බන්ධයෙන් කාන්තාව පැහැදිලිව දක්නට ලැබෙන අතර එම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ. නල්ලූර් ප්‍රාදේශීය සභා නිලධාරීන් හා යාපනය පොලීසියේ නිලධාරීන් කිහිපදෙනෙකු එම ස්ථානයට ගොස් එම වීඩියෝවට අදාළ ව අද (02) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර කාන්තාව 23හැවිරිදි වන අතර ඇගේ ස්වාමිපුරුෂයා විදෙස්ගත රැකියාවක නියුතු බව අනාවරණය කරගෙන තිබේ. බිළිඳා පොලිස් භාරයට ගෙන සුරක්ෂිතව රඳවා සිටින අතර අත්අඩංගුවට පත් කාන්තාව යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
 

More News..