brand logo

සමාජ මාධ්‍ය අඩවි වෙත පිවිසීමට සිදුකර තිබූ බාධා වහාම ඉවත් කරන ලෙසට ජනපති TRCයට උපදෙස් දෙයි

30 April 2019

පසුගිය පාස්කු ඉරිදා (21) දින සිදුවූ බරපතල ව්‍යසනයත් සමග මෙතෙක් සමාජ මාධ්‍ය අඩවි වෙත පිවිසීමට කර තිබූ බාධාව වහාම ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් දී ඇත. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ මෙම බාධාව ඉවත් කළද රට තුළ පවතින තත්ත්වය අනුව මෙම සමාජ මාධ්‍ය භාවිතයේදී වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
 

More News..