brand logo

සමාජයට කොවිඩ් පැතිරී ඇති බව මහාචර්යවරයා අනාවරණය කරයි

16 November 2020

කොරෝනා වෛරස පාලනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනුලබන කිසිදු කමිටුවක් හෝ ආයතනයක් මේවන තුරුත් තමන් සමඟ සාකච්ඡා කර උපදෙස් ලබා ගැනීමක් සිදුකර නොමැති බව මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කරයි. තවද තමන් ශ්‍රි ලංකාවේ ජේෂ්ඨතම මෙන්ම ප්‍රධානතම වෛරස විද්‍යාඥයා බව මහාචාර්ය වරයා සඳහන් කරනවා. එමෙන්ම තමා ආචාරය උපාධිය සම්පුර්ණ කලේ වෛරසවේදය පිළිබඳව යයිද පවසයි. අදවන විට කොරෝනා සමාජ ව්‍යාප්තියක් සිදුවී ඇති බව සහ ශ්‍රී ලංකාව බරපතල අවදානමක් පවතින බවත් වෛරසය ඉතාම ප්‍රබල බවත් මහාචාර්ය වරයා සඳහන් කරනවා. වෛරසය පාලනය කරන ආකාරයේ ගැටළු ඇති බව පෙනීයන මුත් ඒ කිසිවක් පෙන්වා දීමට තමන්ට අවස්ථාවක් නොමැති බව මහාචාර්ය වරයා සඳහන් කරනවා. එසේම නිවැරදි ආකාරයෙන් වෛරසය පාලනය කළ හැකි බවට තමන් විශ්වාස කරන නමුත් කොළඹ තත්වය ඉතා බරපතල බවත් පෙන්වා දෙනවා. එන්නතක් ඇසුරෙන් වෛරසය මැඬලීම සඳහා බලාපොරොත්තුවක් තවත් වසර තුන හතරක් යනතුරු තබා ගැනීමට නොහැකි බවත් එසේ සොයාගත්තද ලංකාවට එය ඉතා ඉකමින් ලැබේවි යයි සිතීමට නොහැකි බවත් හෙතෙම කියා සිටී. මහාචාර්යවරයා මේ බව සඳහන් කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.
 

More News..