brand logo

සෞඛ්‍ය නීති කැඩූ සම්බාහන මැදුරු 2ක් වටලයි

13 April 2021

කටුගස්තොට වට්ටාරන්තැන්න හා සී.ඩී.එල්. ප්‍රනාන්දු මාවතේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන දෙකක් වටලා සුරූපී තරුණ කාන්තාවන් අටදෙනෙකු සමග කළමනාකාරවරු බව කියන පුද්ගලයන් දෙදෙනකුද එහි සේවාවන් ලබා ගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. නිරෝධායන නීතිවලට අනුකූලව පත්වාගෙන යන ලෙස මීට පෙර අවස්ථා ගණනාවකදීම පොලිසිය එම සම්බාහන මධ්‍යස්ථානවල හිමිකරුවන් හා කළමනාකරුවන්ට දැනුම් දී තිබිණි. එම උපදෙස් නොතකමින් මෙම සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන බවට ලද තොරතුරු මත පොලිසිය එම ස්ථානය වටලා ඇත. අත්අඩංගුවට ගත් කාන්තාවන් කුරුණෑගල, කුලියාපිටිය, කටුගස්තොට, යටිවාවල, පන්විල ආදි ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කොට නඩු පවරා ඔවුන් පදිංචි ප්‍රදේශවල පොලිස් ස්ථාන මගින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනයට යොමු කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.එස්. උවින්දසිරිගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදු කෙරෙයි. කමල් සුරවීර-මහනුවර
 

More News..