brand logo

සම්බන්ධකම් ඇතිවෙනවා... නැතිවෙනවා

18 October 2022

තමන්ට ලැබෙන ඕනෑම චරිතයකට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් නව පරපුරේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි අනුරාධා එදිරිසිංහ කියන්නෙ. මේ දිනවල ඇය වඩාත්ම ජනප්‍රිය වී සිටින්නෙ ‘කෝලම් කුට්ටම’ ටෙලි නාට්‍යයේ නැටුම් ටීචර්ගෙ චරිතය නිසා. මේ ගැන වගේම අනුරාධාගේ නවතම තතු දැන ගැනීමට අපි ඇයත් සමග කතාබහ කළා.. මේ දවස්වල කෝලම් කුට්⁣ටම ටෙලි නාට්‍යයේ වැඩකටයුතු කොහොමද? කෝලම් කුට්ටම ටෙලි නාට්‍යය මේ දවස්වල සාර්ථකව විකාශය වෙනවා. දැන් මම කොහේ ගියත් ගොඩක් දෙනා අහන්නෙ කෝලම් කුට්ටමේ නැටුම් ටීචර් නේද මේ කියලා. ඒ තරමට කෝලම් කුට්⁣ටම ප්‍රේක්ෂකයන්ට සමීපවෙලා තියනවා. May be an image of one or more people, people standing and text that says 'OP3N SKY' කෝලම් කුට්ටමේ ඔබ ටිකක් දඩබ්බර චරිතයක් රඟපාන්නෙ. සැබෑ ජීවිතයේදිත් ඔබ දඩබ්බර කෙනෙක්ද? සැබෑ ජීවිතයේදි මම ටිකක් දඟකාර කෙනෙක්. හැබැයි දඩබ්බර සැර කෙනෙක් නම් නෙවෙයි. ටෙලි නාට්‍යයේදි චරිතයට ඕන නිසා තමයි එහෙම දඩබ්බර විදිහට රඟපාන්නෙ. සද්ධාමංගල සූරියබණ්ඩාර සහ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් එක්ක වැඩ කරන්න ලැබුණ අත්දැකීම මොන වගේද? ඇත්තටම ගොඩක් සතුටුයි. ලංකාවෙ සිටින දක්ෂ, ජ්‍යෙෂ්ඨ නිර්මාණකරුවෝ දෙන්නෙක් තමයි සද්ධාමංගල සූරියබණ්ඩාර සහ ජයප්‍රකාෂ් ශිවගුරුනාදන් කියන්නෙ. මීට පෙර ඔවුන් දෙදෙනාගේ සුසංයෝගයෙන් නිර්මාණය වුණ ටෙලි නාට්‍යයන් වගේම කෝලම් කුට්ටම කියන්නෙත් ඉතාමත් හොඳ අනර්ඝ ටෙලි නාට්‍යයක්. ඔවුන්ගේ නිර්මාණයකට රංගනයෙන් දායකවෙන්න පුළුවන් වුණු එක ගැන මම ඇත්තටම සතුටු වෙනවා. No photo description available. විවිධ චරිත රඟපෑම තුළින් චරිතාංග රංගන ශිල්පිනියක් වීමද ඔබේ අරමුණ? මං හිතන්නේ විවිධාකාරයේ පරාසවල චරිත රඟදැක්වීමේ හැකියාවක් මට තියනවා කියලා. ඒ හැකියාව නිර්මාණකරුවෝ හඳුනගෙන මට චරිතවලට ආරාධනා කරනවා. තවමත් මම ක්ෂේත්‍රයට අලුත් කෙනෙක්. එකම විදිහෙ චරිතවලට කොටුවෙන්නෙ නැතුව විවිධ පරාසවල චරිත රඟදැක්වීමට ලැබෙන එක මගේ වෘත්තීය ගමනට ලැබෙන හොඳ අත්දැකීමක් කියලයි මම හිතන්නෙ. සිනමාවට ඔබ සහභාගි වෙන්නෙ නැත්තෙ ඇයි? මේ වෙද්දි මම එකම සිනමා පටයකටවත් රංගනයෙන් සම්බන්ධ වෙලා නැහැ. මම දන්නෙ නැහැ සිනමා ක්ෂේත්‍රයෙන් මට ආරාධනා එන්නෙ නැත්තෙ ඇයි කියලා. එහෙම ආරාධනාවක් ආවොත් ගොඩක් කැමත්තෙන් සිනමාවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. රංගන ශිල්පිනියක් නොවුණා නම් ඔබ මොන විදිහෙ වෘත්තීයක් කරයිද? රංගන ශිල්පිනියක් නොවුණා නම් ගොඩක් දුරට මම නීතිඥවරියක් වෙයි. නමුත් අද වෙද්දි කලාව කියන්නෙ මගේ හදවත හා සමානව බැඳුණ දෙයක්. රංගන ශිල්පිනියක් වීම ගැන ඇත්තටම මට ගොඩක් සතුටුයි. No photo description available. තාත්තා හිටියා නම් අද ඔබ යන ගමන ගැන ආඩම්බර වෙයි නේද? මට නිතරම හිතෙන දෙයක් තමයි තාත්තා ඉන්නම ඕන කාලෙ නැති වුණේ කියලා. තාත්තාව මට මතක් නොවෙන වාරයක් නැති තරම්. ඇත්තටම ඔහු ජීවතුන් අතර හිටියා නම් අද මං ගැන ගොඩක් සතුටු වෙයි කියලා හිතනවා. ආදරය ගැන තාම හරි තීරණයකට ඇවිත් නැද්ද? සම්බන්ධකම් ඇති වෙනවා නැති වෙනවා. ඒ තමයි ජීවිතයේ හැටි. මේ වෙද්දි මට ආදර සම්බන්ධතාවක් නැහැ. මගේ සම්පූර්ණ කාලය මම රංගන කටයුතු වෙනුවෙන් වෙන් කරලා තියෙන්නෙ. ඒ නිසා ආදර සම්බන්ධතාවක් ගැන හිතන්න මට වෙලාවක් නැහැ. ඉදිරියෙදි ප්‍රේක්ෂකයන්ට ඔබව දැකගත හැකි නිර්මාණ මොනවද? මම පහුගිය කාලේ මෙගා නොවෙන සීමිත කොටස් සංඛ්‍යාවකින් සමන්විතව නිර්මාණය කරපු ටෙලි නාට්‍ය තුනකට විතර සම්බන්ධ වුණා. ඒවා ඉදිරියේදි විකාශය වීමට නියමිතව තිබෙනවා. ඊට අමතර ෂාන් ජයරත්න අධ්‍යක්ෂණය කරන වෙනස්ම විදිහෙ ටෙලි නාට්‍යයකට මම සම්බන්ධ වෙලා ඉන්නවා. පෑලියගොඩ වත්තක ජීවත්වෙන තරුණියකගෙ චරිතයක් තමයි මම එහි රඟපන්නේ. එවැනි ආකාරයේ චරිතයක් මම රඟපාන පළමුවැනි වතාව මෙය. මම හැරුණාම එහි අනෙකුත් ප්‍රධාන චරිතවලට ඉන්නෙ කලණ ගුණසේකර සහ ශලනි තාරකා. ඉතාමත් නොබෝ දිනකින් මේ නිර්මාණය ප්‍රේක්ෂකයන්ට රසවිඳින්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. May be an image of 1 person, standing and text that says 'Vijitha Kumara' birthday' ප්‍රේක්ෂක ආදරය සමග ඔබ යන මේ ගමන්මග ගැන මොනවද ඔබට කියන්න තියෙන්නෙ? මං හිතන්නෙ මම අද යම් තැනක ඉන්නවා නම් ඒ ප්‍රේක්ෂකයො නිසා කියලා. ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන අවංක හිනාව, අවංක වචන ඇතුළේ තියෙන්නෙ ගොඩක් ලොකු ආදරයක්. ඒ ආදරය මගේ වෘත්තීය ගමනට හැම වෙලේම ආශිර්වාදයක් වුණා. ඉදිරියටත් ඔවුන්ගෙන් ලැබෙන ආදරය, ගෞරවය රැකගෙන ක්ෂේත්‍රයේ හොඳ ගමනක් යන්න මම බලාපොරොත්තු වෙනවා. ලක්ෂාන් ජයසූරිය
 

More News..