brand logo

සම්පත් බැංකුව ‘Business Today Top 30’ හි 4 වැනි ස්ථානය දක්වා ඉහළට

26 December 2020

සම්පත් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත් ක්‍රියාකාරී ආයතනයක් බව නැවත නැවතත් තහවුරු කරමින් 2019 -2020 වසර සඳහා වන Business Today Top 30 හි තම ස්ථානය තවදුරටත් ඉහළ නංවා ගැනීමට සමත් වූ බව පසුගියදා නිවේදනය කරන ලදී. සම්පත් බැංකුව මෙම වසරේ ශ්‍රේණිගත කිරීම්හිදී පසුගිය වසරට වඩා එක් ස්ථානයක් ඉදිරියට යමින් හොඳම ආයතන අතර සිවුවැනි ස්ථානය දිනා ගැන්මට සමත්ව ඇත. අඛණ්ඩව වසර 23 ක් තිස්සේ කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තු ගත සමාගම්හි කාර්ය සාධනය පදනම් කර ගනිමින් Business Today සඟරාව විසින් මෙම Top 30 ශ්‍රේණිගත කිරීම සිදු කරනු ලබයි. එසේම මෙම දර්ශකය ප්‍රසිද්ධ ප්‍රකාශන හා තොරතුරු පදනම් කරගනිමින් KPMG හි සහයෝගය මත සම්පාදනය කරනු ලබයි. මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේ “Business Today” සඟරාව විසින් සිදුකරන ලද ශ්‍රේණි ගත කිරීමේදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතන අතර සිවු වැනි ස්ථානය දක්වා ඉහළට ඒමට සම්පත් බැංකුවට හැකිවීම පිළිබඳ ඉතාමත් සතුටුයි. මේ සුවිසල් අවස්ථාව තුළින් අනාගතයේ අපගේ සියලු කොටස්කරුවන්ගේ සුභ සිද්ධිය උදෙසා පෙරටත් වඩා හොඳින් කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වනවා. ඒ වගේම අප දිනාගත යුතු ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් අපගේ සම්පත් බැංකු කණ්ඩායම විසින් සිදුකරන කැපවීම සම්බන්ධයෙන් මගේ ස්තුතිය පළකර සිටින අතර බැංකුව ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් ඔවුන් සියලු දෙනාගේ සහයෝගය ඉදිරියේදීත් බලාපොරොත්තු වන බව මේ මොහොතේ සඳහන් කිරීමට කැමතියි” යනුවෙනි.
 

More News..