brand logo

සම්පත් බැංකුව ප්‍රථම වරට ආයෝජන සැලසුම් ගිණුමක් හඳුන්වා දෙයි

16 February 2020

ශ්‍රී ලාංකේය මූල්‍ය සේවාවන්හි නව්‍යකරණ ප්‍රමුඛයා වන සම්පත් බැංකුව සිය විශිෂ්ට සේවාවන්හි තවත් ඉදිරි පියවරක් තබමින් පුද්ගලික ආයෝජන සැලැස්මක් ලෙස‘Sampath Dream Planner ’ පසුගියදා හඳුන්වා දෙන ලදී. සිය ගනුදෙනුකරුවන්ට ගැළපෙන ආකාරයේ ආයෝජන විසඳුමක් ලෙස සම්පත් බැංකුවේ මෙම නවතම ආයෝජන සැලසුම ක්‍රියාත්මක වනු ඇත. පුද්ගලික ආයෝජන සැලසුම සහ ළමා ආයෝජන සැලසුම යනුවෙන් කාණ්ඩ දෙකක් යටතේ හඳුන්වා දී ඇති මේ සඳහා අදාළ සැලසුම් කාලය තුළ සහතික කළ ඉහළ පොලී අනුපාතයක් ලබා දීමට නියමිතය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉලක්කගත දිනයකදී ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ අනාගත මූල්‍ය අභිලාසයන් සපුරා ගැනීම වෙනුවෙන් සම්පත් බැංකුවෙන් ලබා දෙන දිරි ගැන්වීමක් ලෙසද මෙය සඳහන් කළ හැකිය. මෙය මුදල් ඉතිරි කිරීමට අවශ්‍ය නමුත් ඒ සඳහා නිසි සැලසුමක් නොමැති පුද්ගලයන් හට ඉතා හරවත් විසඳුමක් ලෙසද පෙන්වා දිය හැකිය. ‘Sampath Dream Planner’ පුද්ගලික ආයෝජන සැලසුමක් අවුරුදු 18ට වැඩි ඕනෑම අයෙකුට තනි හෝ බද්ධ ගිණුමක් ලෙස විවෘත කළ හැකි අතර එහිදී අවුරුදු 2 සිට 5 දක්වා අතර ඕනෑම කාලයක් තුළ කල්පිරීමේ කාල සීමාවක් තෝරා ගැනීමේ හැකියාවද ගනුදෙනුකරුවන් සතුය. රුපියල් 50,000ක අවම මුදලකින් හෝ ඊට වැඩි මුදලකින් මෙම ආයෝජන සැලසුම ආරම්භ කළ හැකිය. පුද්ගලික ආයෝජන සැලසුම යටතේ අදාළ ආයෝජන කාල සීමාව තුළ 7%ක සහතික කළ සුවිශේෂී පොලියක් හිමි වීම මෙන්ම සැලසුමේ ඇති නම්‍යශීලීභාවය ගනුදෙනුකරුවන්ට සුවිසල් ප්‍රතිලාභයක් අත්කර දෙනු ලබයි.
 

More News..