brand logo

සමහරු පල නොකියා පලා ඛෙදනවා - දයාසිරි

01 March 2020

පසුගිය මැතිවරණයේදී අපි එක නායකයෙක් ජය්‍රහහණය කිරීමටයි ඉදිරිපත් වුනේ . ඒ නිසා මෙතනින් ඉවත් වෙන්න අපි කටයුතු කරන්නේ නෑ. සමහර බලවේග වලට වුවමනා වී තිබෙනවා අපි අතර බෙදීම් ඇති කරන්න .ඒ නිසයි ඔය සමහර අයගෙන් පල නොකියා පලා බෙදන දේවල් ඇහේන්නේ අපි මේවට කලබල වෙන්නේ නෑ අපි සියලු දෙනා එකුතු වී මේ රටේ දැවැන්ත බලවේගලයක් රටතුල හදන්නත් ඉදිරි මැතිවරණයට මුහුන දෙන්නත් කටයුතු කරනවා යැයි කරුමාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. ඔහු මෙම අදහස්පලකර සිටියේ පසුගියදා (28) රත්නපුරේදී පැවති මැණික් ව්‍යාපාරිකයින්ගේ සදාහරිත සංගමයේ තුන්වන සංවත්සරයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාදෙමිනි. එහිදී මාධ්‍ය වේදීන් ප්‍රශ්න කිහිපයක් අමාත්‍යරයාගෙන් විමසා සිටි අතර ඒවාට පිලිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය, ඔය එක එක අය අය කියන දේවල් අපි ඒ තරම් ගනන් ගන්නේ නෑ මොකද හේතුව දේශපාලන අත්දැකීම් නැතුව තමන්ගේ මනාපය අනුව කටයුතු කරන අයයි අත්දැකීම් සහිත අය අතර වෙනසතමයි මේ කථාවලින් පේන්නේ . අපි  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට ගෝඨාභට රාජපක්ෂ ජනාධිපතිතුමාට සහයෝගය දුන්නේ රට ගැන හිතලා අපි ගන්න ඕනි නිවැරදි තීන්දුව ගත යුතු නිසායි. ඊට පස්සේ මේ රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වැඩපිලිවෙල අපි සියලු දෙනා එකතු වී සිදුකරනවා. ඊට එහා මම කැමති නෑ මේ ගැන කථා කරන්න. මේ රටේ ඉන්න කෙලෙහෙගුණ දන්න මිනිස්සු දන්නවා පසුගිය මැතිවරණයේදී අප කල ක්‍රියාදාමය පිලිබඳව ඒ ගැන අවතක්සේරු කිරීම තමයි අපිට තිබෙන ප්‍රශ්ණය රටේ ජනතාව මේ පිළිබඳඏව නිවැරදී තීන්දුවක් ගන්නා බව අපි විශ්වාස කරනවා හිටපු ජනාධිපතිතුමා පසුගිය ජනාදිපතිවරණයේදී අපිට විශාල වගකීමක් පැවරුවා. එතුමා හිටපු ජනපතිවරයා විදිහට නිවැරදී තීනදුවක් ගත්තා. එතුමා අපේ නව සන්ධානයේ සභාපති ලෙස පත්කරගෙන තිබෙනවා එතුමා අනාගතේ මේ රටේ දේශපාලනයේ දිගටම රැඳී ඉන්නවා. හිටපු ජනාධිපතිනිය පසුගිය මැතිවරණයේදී අපට සහයෝගය නොදුන්නනත් අපි එතුමියටත් ආරාධනා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග එකතු වී කටයුතු කරන ලෙස හැබැයි ලැබෙන තැන පිළිබඳව තීරනය කරන්න වෙන්නේ පස්සේ මම හිතන්නේ නෑ එතුමිය යම් තනතුරක් බලාගෙන කටයුතු කරන්නේ නැති බව එතුමිය ලිබරල් මතවාදය අති කෙනෙක් ඒ නිසා මම එතුමිට නැවතත් ආරාධනා කරනවා ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයට නැවත ඇවිත් ශක්තිය දෙන්න කියා. එමෙ වුනොත් අපිට ජනාධිපතිවරු හතරදෙනෙක් ඉන්න ශක්තිමත් සන්ධානයකය් ගොඩනගන්නත් ඉදිරි මැතිවරණයට මුහුණ දෙන්නත් පුළුවන් වෙනවා. මේ වෙලාවේ අපි නාම යෝජනා පිලිබඳව අපි ගැටළුවක් ඇති කර ගන්නේ නෑ.අපි දැනටමත් ජනාධිපපිතුමාට මේ ගැන දන්වා තිබෙනවා අපි පසුගියසතියෙත් මධ්‍යම කාරන සභා රැස්වීමක් පවත්වා ඒ ගැන සාකච්ඡාවක් කලා . අපි ඉදිරි දිනවලදී සන්ධානයේ නාම යෝජනවා මණ්ඩලයක් සකස් කරනවා ඒ අනුව ශ්‍රී ලංකා නිදහස්පක්ෂයටවත් සන්ධානයේ අනෙක් පක්ෂවලටවත් අසාදාරනයක් වෙයි කියා විශ්වාස කරන්නේ නෑ.අපි මේ ගැන ප්‍රශ්ණ ඇති නොකරගෙන මේ රට මේ රටේ ජනතාව ගැනහිතා රටට ආදරය කරන විශාලම සන්ධානය ගොඩනගන්න කටයුතු කරනවා. පසුගිය මැතිවරණයේදී අපි එක නායකයෙක් ජය්‍රහහණය කිරීමටයි ඉදිරිපත් වුනේ . ඒ නිසා මෙතනින් ඉවත් වෙන්න අපි කටයුතු කරන්නේ නැති බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
 

More News..