brand logo

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය යාපනයට තනිව නාමයෝජනා භාරදෙයි

18 March 2020

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් යාපනය දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා අද(18) යාපනය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී කේ.මහේෂන් මහතා වෙත භාරදෙනු ලැබිණ. සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාමයෝජනා භාරදෙනු ලැබීය. සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් තනි පක්ෂයක් ලෙසට යාපනය මැතිවරණ කොට්ඨාශය වෙනුවෙන් නාමයෝජනා භාරදීම සිදුකෙරිණ. සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය මීට පෙර විග්නේශ්වරන් මහතා නායකත්වය දරන දෙමළ ජනතා ජාතික සන්ධානය සමඟ එක්ව මැතිවරණයට ඉදිරිපත්වන බව පැවසුවද, විග්නේශ්වරන් මහතා සන්ධානය ගොඩනඟ අවස්ථාවේ ඊට එක්වනොවිය. සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය වෙත යාපනය මැතිවරණ කොට්ඨාශයේ පළාත් පාලන ආයතන රැසක් තුළ බහුතර ආසන සංඛ්‍යාවක් පවති.   මාධව කුලසූරිය
 

More News..