brand logo

සමස්ත ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් අද විශේෂ කාරක සභාව හමුවට

20 June 2019

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (20) පස්වරුවේ යළි රැස්වීමට නියමිතයි. සමස්ත ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික්ට අද දිනයේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇත. ඒ අනුව අබ්දුල් රාසික් අද පස්වරු 2.00 කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි. අබ්දුල් රාසික්ට අමතරව අද දිනයේ මුස්ලිම් සංවිධාන කිහිපයක නියෝජිතයින් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටිමට නියමිතයි.
 

More News..