brand logo

සමන්ලාල්ට බැන්න බෝට්ටු හිමියාට පොලුවලින් ගහලා

13 June 2021

මොරටුවේ පො. එ.පෙ. මැර දේශපාලනේ නීතියත් නවයි

මොරටුව මහනගර සභාවේ පො.ජ.පෙ හිටපු නාගරික මන්ත්‍රීවරයකු පුද්ගලයෙකු වෙත පොල්ලකින් පහරදීමෙන් එම පුද්ගලයා පානදුර රෝහල වෙත ( 13 වැනිදා ) ඇතුලත් කර ඇත. පහරකෑමෙන් රොහල් ගත කර ඇත්තේ කඩලාන ගල්පිටහබඩ පදිංචි මහේෂ්ක මෙන්ඩිස් (48) යන අයෙකු වේ. [caption id="attachment_151109" align="alignnone" width="450"] පහර කෑමට ලක්ම වූ මහේෂ්ක මෙන්ඩිස්[/caption]

මොහු බොල්ගොඩ ගගේ බෝට්ටු අංගනයක් පවත්වාගෙන ගිය අයකු වන අතර එය අනවසරයැයි පවසා ඉකුත් මස එය ඉවත්කිරීමට මොරටුව නගර සභාව පියවර ගනු ලැබූහ. මෙහිදී මෙම පුද්ගලයා මොරටුව නගරාධිපතිවරයාගේ ක්‍රියා කලාපය තදින් විවේචනයට ලක් කළේය.

[caption id="attachment_151111" align="alignnone" width="441"] මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු[/caption]
එම අවස්ථාව සඳහා පැමිණි අයෙකු වන මෙම හිටපු මන්ත්‍රිවරයා පසුගියදා නගරාධිපති ඇප මත නිදහස්විමෙන් පසු කීපවරක් තමන්ට තර්ජනය කළ බව තුවාලකරු 'අරුණ' ට පැවසිය . අද උදැසන මොහු සිය යතුරුපැදියෙන් තමාගේ නිවස වෙත පැමිණෙමින් සිටියදී හිටපු නාගරික මන්ත්‍රීවරයා ඔහුගේ නිවස ඉදිරිපිටදී පොල්ලකින් පහරදී ඇත . පසුව තුවාලකරු පානදුර මුලික රෝහලට ඇතුලත් වී ඇති අතර පොලුවලින් පහරදී ඇති සැකකාර හිටපු මන්ත්‍රිවරයා තවමත් අත්අඩංගුවට ගෙන නැති බව තුවාල ලැබූ අය පවසයි [caption id="attachment_151112" align="alignnone" width="581"] තුවාලකරු පානදුර රෝහලේ[/caption] මේ පිළිබඳව අප මොරටුමුල්ල පොලිසියෙන් කළ විමසීමේ දී පොලීසිය පවසා සිටියේ යම් පහරදීමක් පිළිබඳව සුළු පැමිණිලි අංශයට පැමිණිල්ලක් ලැබුනු බවයි. තුවාලකරු රෝහල් ගත වී ඇතත් පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට නොගන්නේ කුමන දේශපාලන බල බලපරාක්‍රමය නිසා දැයි නිසාදැයි ප්‍රදේශවාසීහු ප්‍රශ්න කරති. දර්ශාන් කානිල් - මොරටුව
 

More News..