brand logo

සමථ මණ්ඩලවලට වැඩි වගකීමක්

18 December 2020

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටවා ඇති සමථ මණ්ඩල කටයුතු ලබන ජනවාරියේ සිට යළි ඇරඹීමට තීරණය කර ඇත. මේ අනුව ලබන ජනවාරි 09 වන දා සිට එම කටයුතු ඇරඹීම සිදුවන බව පැවසේ. එම තීරණය සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සාමාජිකයින් සමග අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කරන ලද සාකච්ඡාවකදී එම තීරණය ගෙන ඇත. මේ අනුව සමථ මණ්ඩල කටයුතු ආරම්භයෙන් පසු මුල්‍යමය ආරවුල් විසඳීම සඳහා දිස්ත්‍රික්ක මට්ටමෙන් වෙනම සමථ මණ්ඩල පිහිටුවීමට නියමිත අතර කොළඹ, ගම්පහ, කුරුණෑගල, මහනුවර සහ අනුරාධපුර යන දිස්ත්‍රික්වල පළමුව විශේෂ මූල්‍යමය ආරවුල් සමථ මණ්ඩල පිහිටුවීමට නියමිත බව අධිකරණ අමාත්‍යංශය සඳහන් කරනවා. එසේම මසකට දින 4ක් සිදුවූ සමථ මණ්ඩල කටයුතු දින 6ක් දක්වා වැඩි කිරීමටද සාකච්ඡාවේදී තීරණය වී තිබේ.
 

More News..